අන්තර් ඒකක හොකී අවසාන තරඟය 2013

 2013 අන්තර් ඒකක හොකී තරඟාවලිය 2013 ජුනි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකල කඳවුරේදී පැවැත්වුනු අතර එහිදී ශූරතා තරඟ දෙකම ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල ජයග්‍රහණය කරන ලදී.


නොකඩවා  හය වන වරටත් 7 දෙනා සහ 11 දෙනා බැගින් වන තරඟ වදින තරඟ ඉසව් දෙකෙහිම ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් පිලිවලින් අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ඒකල හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර දියතලව යන කඳවුරුවලට එරෙහිව ලබා ගන්නා ලදී.


මේ සඳහා සේවා සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ වී බී ජයම්පතී, ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් පී රණසිංහ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව කඳවුරේ නිලධාරී අණ දෙන පුහුණු විංග් කමාන්ඩර් එස් වී පී කේ සේනාධීර, ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී සභාපති ස්කෝඩ්‍රන් ලීඩර් බී ජී එස් කුලරත්න සහ තවත් බොහෝ පිරිසක් සහභාගී වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.