හෙලි ටුවර්ස් ගුවන් ගමන් වාර 200ක් පසු කරන ලදී.
දිවයිනේ ප්‍රමුඛතම ගුවන් ගමන් පහසුකම් සපයන්නා වන
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් "හෙලි ටුවර්ස්" ගුවන් ගමන් වාර 200ක්
පසුගිය මාර්තු 24 වන දා පසු කරන ලදී.
මානුෂීය මෙහෙයුම
අවසානයේදී අප සතු ගුවන් වත්කම් ප්‍රයෝජනවත් අයුරින් යොදා ගැනීම මෙන්ම රටේ
සංවර්ධනයට දායක වීමේ අරමුණින් 2009 වසරේ ජූලි මස 21 වන දින නැවත ඇරඹූ හෙලි
ටුවර්ස් සේවාව මගින් මේ වන විට පුද්ගලයින් 2600 කට අධික පිරිසකට ඉතාමත්
සහනදායී මුදලකට ගමන් පහසුකම් සපයා ඇත.ගුවන් යානය පැය
ගණන ගුවන් ගමන්
වාර
ගණනමුළු මගීන් ගණන ඒ.එන්.
32 24.40 15 675 වයි
12 179.40 75 1125 බෙල්
212 63.40 19 152 බෙල්
412 107.10 34 272 බෙල්
206 98.55 38 152 එම්.අයි.
17 45.15 19 293 එකතුව 517.50 200 2669
ඕනෑම
පුද්ගලයෙකු හට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් තමන්ගේ ගුවන් ගමනට අදාල ගුවන්
යානය තෝරා ගත හැකි වීම හෙලි ටුවර්ස් සේවාවේ ඇති සුවිශේෂත්වයයි. දැනට
සතිපතා යාපනයට සහ ත්‍රිකුණාමලයට වයි 12 වර්ගයේ සහ ඒ.එන්. 32 වර්ගයේ ගුවන්
යානා ගුවන් ගමන් සඳහා යොදා ඇත.
දිවයිනේ ඕනෑම තැනකට ගමන් පහසුව සැපයිය හැකි අතර තමන්ගේ අවශ්‍යතාවය අනුව ගුවන් යානාවක් වෙන් කර ගත හැක. මෙම කරුණ සනාථ කරමින් ඉන්දියනු සයුරේ ගවේශනයේ යෙදුනු "අර්මදා ෆර්වානා" නෞකාව වෙත පුද්ගලයන් ප්‍රවාහනය කිරීමට එම නෞකාව වෙතට පවා ගුවන් යානා ගොඩ බස්සවා ඇත.
සාමාන්‍ය පුද්ගලයින් හට මෙන්ම විශේෂ අති විශේෂ පුද්ගලයින් හට පවා මෙම කාලය තුළ ඔවුන්ට අවශ්‍ය ගුවන් පහසුකම් හෙලි ටුවර්ස් සේවාව මගින් සපයා ඇත. ඒ අතරට විදේශ තානාපතිවරුන්, කොමසාරිස්වරුන් මෙන්ම දෙශීය විදේශීය ආයතන (ලෝක බැංකුව, එච්.එස්.බී.සී. බැංකුව, මහ බැංකුව, ලංකා බැංකුව මෙන්ම ඩිස්කවරි නාලිකාව) ද හෙලි ටුවර්ස් සේවාව ලබාගෙන ඇත.




ලොව විෂිශ්ටතම ගුවන් හමුදාවකට අයත් ගුවන් නියමුවන්ගේ සේවාව ලබා ගනිමින්, තම රාජකාරීන් මෙන්ම පුද්ගලික ගුවන් ගමන් අවශ්‍යතාවන්ද සපුරා ගත හැකි ගුවන් ගමන් සේවවකි. ගුවන් ගමන් කාලය ඇතුලත රක්ෂණ ආවරණයක් ලබා දෙන අතර පුද්ගලයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගුවන් හමුදාව නිරතුරු කැප වී සිටී.
Helitours Hotline Numbers: 011 3 144 244 (General Information)
011 3 144 944 (Ticketing Information)
011 3 110 472
Email: [email protected]
Flying Schedule & Rates: Click Here