ටුවර් ඩි හිරු 2013 පාපැදි සවාරිය

ටුවර් ඩි හිරු පාපැදි සවාරිය සදහා ගුවන් හමුදාව නියෝජන්ය කරමින් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහ්භාගි වූ අතර මෙම තරගාවලිය ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනය අසලින් උදැසන 0830 ආරම්භ විය. අතර හිරු එෆ්.එම් නාලිකාවට වසර 15 පිරීම නිමිත්තෙන් මෙම තරගාවලිය හිරු ටීවී හා හිරු එෆ්.එම් නාලිකාව ඒකාබද්දව සංවිධානය කරන ලදී.

මෙම තරගාවලිය අත්දැකීම් බහුල ගුවන් හමුදා පාපැදි කීඩකයින් සහභාගි වන අතර ඒ අතරින් පසුගිය වසරේ හිරු පාපැදි සවාරියේ ජයග්‍රාහකයා මෙන්ම 2011 වසරේ ගුවන් හමුදා පාපැදි සවාරියේ ශුරතවය හිමිකරගත් නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය,දිවයිනේ අංක 01 පාපැදි කරු වන න.ගු.භට ජීවන් ජයසිංහ,පසුගිය වසරෙ ගුවන් පාපැදි සවාරියේ ශුරතාවය මෙම ජාතික ක්‍රීඩා උළෙලේ ශුරතාවය දිආගත් නා.ගු.භ ඩේන් නුගේරා වැනි ක්‍රීඩකයින් ද මේ සදහා සහභාගි විය.

ශ්‍රී ලංකා පාපැදි අටුරු පලක කමිටුවේ මග පෙන්වීම යටතේ සංවිධාන්ය වුනු මෙම තර්ගවලිය ජාත්‍යන්තර මට්ටමේ තරග ඉති රීති යටතේ පැවැත් වින්න.දින දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පලෞ අධියර කොළඹ සිට බලන්ගොඩ දක්වා කි.මී 137 දුරක් ගෙවා යා යුතු වන අතර දෙවන අධියර ලෙස බලන්ගොඩ සිට කිරින්දිවෙල දක්වා කි.මී 161 දුර ප්‍රමානයක් ගෙවා යා යුතු විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.