වර්ණ ප්‍රධානෝත්සවයක් අරලිය ගහ මන්දිරයේදී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැති තුමන් ප්‍රධානත්වයෙන් අද සවස (2013 ජූලි 15)  වන දින රණ විරුවන් හට වර්ණ ප්‍රධානෝත්සවයක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විය.

මෙහිදී ත්‍රිවිධ හමුදාවම නියෝජනය වන ආකාරයෙන් “වීර වික්‍රම විභූෂණය“ හා රණ ශූර පදක්කම් ලබා දුන් අතර පසුගිය මානුෂීය මෙහෙයුමේදී දිවි පිදූ රණ විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්  හටද මෙම පදක්කම් ලබා දෙන ලදී.

සක්‍රිය සේවයේ යෙදී සිටියදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සතුරාට මුහුණ පා සිට සගයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ හෝ සිය බල සේනාවේ කාර්ය්‍ය අරමුණ මුදුන්පත් කර ගැනීම පහසු කරවීමේ අභිප්‍රාෙයන් ආත්මාරක්ෂාව ගැන නොතකා තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශණය කරන්නා වූද, සෛනික ස්වභාවයේ උත්කෘෂ්ඨ ක්‍රියා අරභයා හෝ දියේ ගිලීමට නොහොත් ගින්නට ගොදුරු වූ ජීවිත බේරා ගැනීමේදීද, පතල්, ගං වතර හෝ වෙනත් එවැනි උපද්‍රව වලට භාජනය වූ අය බේරා ගැනීමේ කටයුතු වලදීද, තමාට සිදුවිය හැකි ශාරීරික හානිය ගැන හෝ ජීවිත අන්තරාය ගැන හෝ නොතකා හුදු දයා පරවශවම උත්කෘෂ්ඨ ක්‍රියාවක නොහොත් ක්‍රියා දාමයක යෙදුනා වූද, වර්ෂ 1981 ක් වූ සැප්තැම්බර් මස 01 වන දින අංක 105/5 දරණ ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රෙයහි පත්‍රෙයහි වීර වික්‍රම විභූෂණය පිරි නැමීම පිලිබඳ රෙගුලාසියන්හි නිර්ණයකොට දැක්වෙන නියමයන් හා කොන්දේසී අනුව යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධීපති හෝ ගුවන් හමුදාධිපති විසින් යෝග්‍යයයි  නිර්දේශ කරනු ලබන්නා වූද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ යුද්ධ, නැවික හා ගුවන් හමුදාවන්හි, නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවන්හි නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියළුම පුද්ගලයින්ට මෙම පළඳනාව ප්‍රධානය කළ යුත්තේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි නියුක්ත සෑම තරාතිරමකටම අයත් වන්නා වූද, සතුරු වුවදුරු වලට මුහුණ පාමින් දැක්වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා වර්ෂ 1985 ක් වූ දෙසැම්බර් මස 18 වන දින අංක 380/44 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රෙයහි රණ ශ්‍රර පදක්කම පිරිනැමීමේ රෙගුලාසීන්හි නිර්ණය කොට දැක්වෙන නියමයන් සහ කොන්දේසි අණුව මෙම ප්‍රදානය ලැබීමට යෝග්‍ය යයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධීපති හෝ ගුවන් හමුදාධිපති විසින් යෝග්‍යයයි  නිර්දේශ කරනු ලබන්නා වූද, සියළුම පුද්ගලයින් හට මෙම විභූෂණය ප්‍රදානය කළ යුතු යැයි නියම කරනු ලැබේ.

විභූෂණය පිරි නැමීඹ අතිගරු ජනාධිපති තුමාගේ අත්සන සහ නිල මුද්‍රාව යටතේ කෙරෙන කැඳවීම් නියොගයක් අණුව පැවැත්වෙන විශේෂ සම්මාන පිරිනැමීමේ උත්සවයකදී අතිගරු ජනාධිපතිතුමා හෝ ගරු අග්‍රාමාත්‍යවරයා හෝ ගරු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ අතිගරු ජනාධිපති තුමාගේ අභිමතය පරිදි වෙනත් කවරෙකු විසින් හෝ සිදු කළ යුතුය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.