ගුවන් හමුදා කටුනායක රෝහල සිය 66 සංවත්සරය සමරයි

ගුවන් හමුදා කටුනායක කදවුර සිය 66 වන සංවත්සරය ආගමික වතාවත් වලට අනුකූලව 2013 ජූලි මස 23 වන දින සමරන ලදී.මෙම අවස්ථාව සදහා පඩුවස්නුවර තිත්ගල ශ්‍යලතලාරාමයේ නායක ස්වාමීන් වහන්සේ වන වහන්තාරේ සිද්ධාර්ත ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් කවි බණ වැඩසටහනක් ස්ංවිධානය කර තිබුනි.අනතුරුව ගුවන් හමුදාවේ සේවයේ යේදී සිටියදී මියගිය හා ආභාදිත පුදගලයින් හා සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින් වෙනුවෙන් ආශිර්වාද පතා දානමය පුන්‍ය කර්මයක් ද එදින සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා කටුනායක කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්.කේ පතිරන, ගුවන් හමුදා කටුනායක කදවුරු රෝහලේ අනදෙන නිලධාරී විංග් කමාණ්ඩර් එන්.ඩී.බී අබේසේකර ඇතුලු නිලධාරීන් හා සෙසු නිලයන් මේ අවස්ථාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.