රණවිරු රියල් ස්ටාර් කිරුළ හිමි කර ගත් නායක ගුවන් කාන්තා තුෂාණි පෙරේරා සැරයන් නිළයට උසස් කෙරේ

රණවිරු රියල් ස්ටාර් කිරුළ හිමි කර ගත්  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කාන්තා තුෂාණි පරේරා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැති තුමා විසින් ද්විත්ව උසස්වීම් මත සැරයන් නිළය සදහා 2013 ජුලි මස 29 වන දින සිට උසස් කරන ලදී. යුද්ධ හමුදාවේ හා නාවික හමුදාවේ තරඟකරුවන් හතරදෙනෙකු සමඟ තරග වැදී පළමු ස්ථානයට හිමි සමරු ඵළකය ලබා ගැනීමට සැරයන් තුෂානි පෙරේරා සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර අටක සේවා කාලයක් සංගීත ක්ෂේස්ත්‍රයට සම්බන්ධ වී සිට රණවිරු රියල් සටාර් තුන්වන තරඟයේ කිරුළ හිමි කර ගැනීම නිසා සැරයන් තුෂාණි පෙරේරාට ද්විත්ව උසස් වීම් හිමි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.