ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය පාඨමාලාවක් සාර්ථකව අවසන් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රිය පුහුණු පාසල මගින් පැවැත් වූ අංක 25 වන නිලධාරී, අංක 40 වන ගුවන් භට හා අංක 16 නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රිය පාඨමාලාවන් 2013 ජුලි මස 30 වන දින සාර්ථකව අවසන් කරන ලදී. මාස පහක් පුරා පැවැත්වුණු මෙම පාඨමාලාව සඳහා ගුවන් හමුදා නිලධාරීන් හතර දෙනෙක්ද, නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකුද, ගුවන් භටයින් හා නාවික නැවියන් හතර දෙනෙක් සනහභාගී වූ මෙම පාඨමාලාව හතලිස් දෙනෙකුගෙන් යුත් පුහුණුවන්නන් පිරිසක් සිටියහ.

බෝම්බ නිෂ්ක්‍රිය පුහුණු පාසල නැවති පිහිටුවීමෙන් අනතුරුව පැවත් වූ මෙම පාඨමාලාව තුලින් පුපුරන ද්‍රව්‍ය පිලිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් හටද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් හා නාවියන් හටද විශාල දැණුමක් ලබා දීමට හැකි විය. ෆ්ලයින් ඔෆිසර් එන් කේ තිලකරත්න සහ නායක ගුවන් භට හේරත් එච් එම් සී බී හොඳම බෝම්බ නිෂ්ක්‍රිය නිලධාරියා හා ගුවන් භටයා යන ජයග්‍රහණ ලබා ගන්නා ලදී.


මෙම අවස්ථාව සඳහා  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගෘප් කැප්ටන් කේ වන්නිගම සහභාගී වූ අතර, මෙයට සහභාගී වූ අනෙක් නිලධාරීන් වූයේ බෝම්බ නිෂ්ක්‍රිය පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ස්කෝඩ්‍රන් ලීඩර් එස් පී වීරසිංහ  සහ තවත් නිලධාරීන් හා සෙස්සන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.