ගුවන්යානා ආරක්ෂක පෝස්ටර් චිතු තරඟය 2013

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා ආරක්ෂක චිතු තරඟයේ ජයග්‍රාහකයින් තමන්ට හිමි ත්‍යාගයන් 2013 අගෝස්තු මස 07 වන දින සවස ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින් ගුවන් හමුදා මූලස්ථානයෙදී ලබා ගන්නා ලදී. තරඟයේ පළමු ත්‍යාගය වන රුපියල් 10000 ක මුදල කෝප්‍රල් තිලක් ආර් ජී ඒ යන අය විසින් දිනා ගත් අතර දෙවන ස්ථානයට හිමි රුපියල් 7500 ක මුදල සැරයන් ගුණරත්න ඩී සී එම් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 5000 ක මුදලක් කෝප්‍රල් කාරියවසම් කේ ජී එස් යන අයද දිනා ගන්නා ලදී.

 මෙම පෝස්ටර් චිත්‍ර තරඟය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ගුවන් යානා ආරක්ෂක ඒකකය මගින් සංවිථානය කර තිබූ අතර එය සියළුම ගුවන් හමුදා සාමාජිකයින් සඳහා විවෘත තරඟයක් විය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක ගුවන් යානා ආරක්ෂක නිලධාරී එයාර් කොමඩෝර් ඩී එල් එස් ඩයස් මහතාද සහභාගී වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.