පැසිෆික් ඒන්ජල් 2013 සර්තකව නිමාවට පත්වේ.

2013 අගෝස්තු මස 05 වන දින සිට 11 වන දින දක්වා යපන අර්ධද්වීපයේ පැවති පැසිෆික් ඒන්ජල් 2013 ඒකාබද්ද වෛද්‍ය හා ඉදිකිරීමේ වැඩසටහන අච්චේලු සෛවප්‍රගාසා විද්‍යාලයේදී අවසන් විය.

පැසිෆික් ඒන්ජල් 2013 ව්‍යයාමයේ මෙහෙයුම් අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩග්ලස් වුඩාර්ඩ් විසින් ප්‍රධාන දේශනය ඉදිරිපත් කල අතර උතුරු කළාපීය ආණ්ඩුකාර තුමන්ගේ පණිවිඩය එතුමන් වෙනුවට එතුමන්ගේ ලේකම් ඉලන්ගෝවන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.අනතුරුව අත්‍යවශ්‍ය විදුලි උප්කරන කුඩ්ඩියාපුලම් මිශ්‍ර පාසල, පුන්නාලඉක්කඩ්ඩුවන් ප්‍රාථමික පාසල සහ අට්චෙචේලු සෛවප්‍රගාසා විද්‍යාලයට බෙදා දුන් අතර හා බෙහෙත් ද්‍රව්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට ඇමරිකා ආරක්ෂක අමාත්‍යන්ශයේ ලුතිනන් කර්නල් පට්‍රික් මහතා විසින් බෙදා දෙන ලදී.අනතුරුව මෙම ව්‍යයාවමය සාර්ථකව ගැනීමට සහාය වූ සැමට හා පැසිෆික් ඒන්ජල් කණ්ඩායමට ස්තුති පූර්වක කතාව ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මර්ෂල් ජී.පී බුලත්සිංහල,ඇමරිකන් ගුව්න් හමුදාව නියෝජනය කරමින් ලුතිනන් කර්නල් පැට්ට්‍රික්,උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.එම්.එස් දිසානායක,යාපන ආරක්ෂක සේවා අනදෙන නිලධාරී බ්‍රිගේඩියර් එස්. අතපත්තු,යාපන ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කතීස්වරන් මහතා සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.