වාර්ෂික ඉස්ලාමීය රණවිරුවන් සිහිකිරීමේ උත්සවය 2013

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වන රණවිරුවන් සිහිකිරීමේ ඉස්ලාමීය උත්සවය අද 2013 අගෝස්තු මස 14 වන දින පෙරවරුවේ කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයකර දේශය වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ සේවා පුද්ගලයින් සහන් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙන්ම සියලු දෙනාට සෙත් පැතීම මේ අවස්ථාවේදී සිදුකරන ලදී. තවද රටේ නායකයින් ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනට ගුවන් හමුදා කඳවුරුවල සේවය කරන පුද්ගලයින් මෙන්ම ගුවන් හමුදා කඳවුරුවලට හා උපකරණවලට මෙහිදී සෙත් පතන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගි විය.තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කේ.ඒ. ගුනතිලක, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු රැසක් සහභාගි වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.