හොඳම වෙබ් අඩවිය තේරීම 2013

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිළ වෙබ් අඩවිය වන www.airforce.lk වෙබ් අඩවිය හොඳම වෙබ් අඩවිය තේරීම 2013 හිදී, රජයේ වෙබ් අඩවි කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර එම වෙබ් අඩවිය සංවර්ධනය කරන්නන් සඳහාද සහතික පත් හිමි විය‍. මෙහි ත්‍යාග ප්‍රධානෝත්සවය 2013 අගෝස්තු මස 14 වන දින සවස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.



රජයේ වෙබ් අඩවි සඳහා වන පදක්කම් සම්මාන එල් කේ ඩොමේන් රෙජිස්ට්‍රියේ අධ්‍යක්ෂක වන හර්ෂ විජයවර්ධන මහතා විසින් ප්‍රධානය කළ අතර එහිදී රජයේ වෙබ් අඩවි කාණ්ඩයෙන් www. Parliament.lk (ශ්‍රී ලංකා පාර්ලීමේන්තු වෙබ් අඩවිය) රිදී පදක්කම දිනා ගත් අතර www.airforce.lk (ශ්‍රී ලංකා ගුවන් හමුදාව ) හා www.laksala.lk (ශ්‍රී ලංකා අත්කම්) යන වෙබ් අඩවි දෙක ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදී. මේ වර්ෂයේදීද මෙම කණ්ඩය සඳහා රන් පදක්කම දිනා නොගැනේ.



ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකයේ ස්කෝඩ්‍රන් ලීඩර් ප්‍රදීප් මැද්දේගොඩ, වජිර කාෂ්‍යප මහතා, කෝප්‍රල් හේරත් ඩබ් ජී සී හා කෝප්‍රල් ආටිගල එම් එස් යන අය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මෙම ලෝකඩ පදක්කම ලබා ගන්නා ලදී.



මෙම තරඟය 2013 ජූලි මස 03 වන දින සිට 28 වන දින දක්වා පැවැත්වුන අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබ් අඩවිය රජයේ වෙබ් අඩවි කාණ්ඩයෙන් තුන් වන ස්ථානයට පැමිනෙන ලදී. 2012  වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම වෙබ් අඩවිය සඳහා රජයේ වෙබ් අඩවි කාණ්ඩයෙන් රිදී පදක්කම දිනා ගන්නා ලදී.




LK ඩොමේන් රෙජිස්ට්‍රිය මගින් වාර්ෂිකව ඉදිර්පත් කරනු ලබන මෙම තරඟය ශ්‍රී ලංකා විශේෂංග දින දර්ශණයේ එක් නිත්‍ය අංගයකි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.