ඉදීය ආරක්ෂක විද්‍යාලයේ ඉයෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ඉන්දීය ආරක්ෂක විද්‍යාලයේ අංක 53 පාඨමාලාවේ 16 සමන්විත නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ 2013 සැප්තැම්බර් මස 10 වන දින සංචාරයක නිරත විය.මෙම නියෝජිත පිරිස සදහා ඉන්දියාව,ඇෆ්ගනිස්තානය,උගන්ඩාව.ඊජිප්තුව නියෝජනය කරමින් ත්‍රිවිද හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරයට එක් විය.මෙම නියෝජිත පිරිස සදහා ඉන්දීය ආරක්ෂක විද්‍යාලයේ මාණ්ඩලික අධ්‍යක්ෂක ආචාර්ය කෙයා භාත්චර්යා විසින් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් නිලධාරි තුමන් විසින් නියෝජිත පිරිස ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයට පිළිගන්නා ලදී.අනතුරුව පශ්චාත් යුධ ක්‍රියාවන් හා අභියෝගයන් පිළිබදව හරවත් දේශනයක් මාණ්ඩලික නිලධාරි ගුවන් මෙහෙයුම් ගෲප් කැප්ටන් එස්.ජේ.එස් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලදී.ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් කේ.ඒ ගුනතිලක විසින් ප්‍රශ්න විචරාත්මක වැඩසටහනක් මගින් ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජේෂ්ඨ නිලධාරියකු විමේ ප්‍රථිලාභ පිලිබදව දැනුවත් කරන ලදී.

අනතුරුව මෙම සංචාරය සිහිගැන්වීම පිනිස සමරු පලක දෙපාර්ෂවය විසින් හුවමාරු කරගන්නා ලදී. විද්‍යුත් හා විදුලි සංදේශන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ශල් ආර්.ජේ පතිරගේ, සැපයුම් අධ්‍යක්ෂක කේ.වී.බී ජයම්පති, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සී.ආර් ගුරුසිංහ, සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම්.එල්.කේ පෙරේරා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් මේ අවස්තාවට එක් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.