ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායිකාවට නව නිවසක්

ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුග්‍රහයෙන් හලාවත විජයකඩුපොත ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද අංග සම්පුර්ණ නිවස ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායිකාව මෙන්ම හිටපු ජාතික කණ්ඩායම් නායිකාව වන නායක ගුවන් කාන්තා ප්‍රසාදිනී ජේ එච් පී  වෙත පිරිනැමීම පසුගිය සැප්තැම්බර් මස 24 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගරු නිලීකා අබේවික්‍රම මැතිනිය අතින් සිදු විය.

ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක සුභසාධක පුනරුත්ථාපන අරමුදල මගින් රුපියල් ලක්ෂ 7ක අරමුදල සහ ගුවන් හමුදා වැඩ සේවා අංශයේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස නිර්මාණය විය.

ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ, ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා, පාලවි කඳවුරේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්‍රන් ලීඩර් එම් සී පීරිස් ඇතුලු නිළධාරීන්, සෙසු නිළයන් සහ නිවාස ලාභිනියගේ ලගම ඥාතීන් සහභාගී විය. 




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.