ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ලෝක ළමා දිනය අර්ථවත්ව සමරයි

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති නිලීකා අබේවික්‍රම මැතිණියගේ සංකල්පය මත ඔක්තෝම්බර් මස 01 දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනයට සමගාමීව බෙලිඅත්ත බිහිරි විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් උපකරණ බෙදාදීමක් සිදුවිය.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් දිල්ශාන් වාසගේ සහ කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපති මාලි වාසගේ මැතිණියගේ අධික්ෂණය යටතේ මෙම සද්කාර්ය සංවිධානය විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය පාසලේ විදුහල්පති තුමා, ගුරු මණ්ඩලය සහ දරුවන් විසින් ගෞරවයෙන් පිලිගන්නා ලදී. අනතුරුව විද්‍යාලයේ විදුහල්පති චන්ද්‍රකුමාර මහතා විසින් පිලිගැනීමේ කථාව සිදුකරන ලදී. පාසලේ අධ්‍යාපනය ලබන ශ්‍රවණාභාධිත සහ කථනාභාධිත දරුවන් විසින් පැමින සිටි අමුත්තන් ඉදිරියේ ඉදිරිපත් කල රැගුම් කාගේත් අවදානයට ලක්විය.

මෙම පාසලේ දරුවන් වෙනුවෙන් මදුරු දැල්, ඇඳඇතිරිලි 150ක් එමෙන්ම විද්‍යාලයේ මුලුතැන්ගෙය සඳහා උපකරණ කට්ටලද ලබා දෙන ලදී. ඉන් අනතුරුව දිවා ආහාර වේලක්ද ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.