ගුවන් ළමා සාදය

ලෝක ළමා දිනය තේමා කොට ගෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය  සංවිධානය කරනු ලැබූ ගුවන් ළමා සාදය පසුගිය 2013 ඔක්තෝම්බර් මස 06 වන දින කටුනායක ඊගල්ස් ලැගූන් වීව් ගුවන් හමුදා උත්සව ශාලාවේ පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු සේවා සහ සිවිල් පුද්ගලයින්ගේ දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය ඔරිගමි නිර්මාණ ප‍්‍රදර්ශනයක්, මැජික් සංදර්ශන විනෝද ක‍්‍රීඩා ඇතුළු අංග රැසක් පවත්වන ලදී. එසේම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විශේෂ දක්‍ෂතා දැක්වූ දරු දැරියන් වෙනුවෙන් විශේෂ ත්‍යාග සහ දීමනා ප‍්‍රදානයක් සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මැතිණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වුවාය. එසේම සේවා වනිතා ඒකකයේ සමාජිකාවෝ සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.