අන්තර් ඒකක පැසිපන්දු තරඟාවළිය 2013


ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පැසිපන්දු තරඟාවළියේ පිරිමි සහ කාන්තා ශූරතාවය දිනාගන්නට පිළිවෙලින් පලාලි ගුවන් හමුදා කඳවුර සහ කොළඹ ගුවන් හමුදා කඳවුර සමත් විය. තරඟාවළිය පසුගිය 2013 සැප්තැම්බර් මස 29 සිට ඔක්තෝම්බර් මස 07 වන දින දක්වා තුම්මුල්ල ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

පිරිමි අවසන් තරඟායේදී පලාලි ගුවන් හමුදා කඳවුර ලකුණු 57-40 ක් ලෙසින් කොළඹ ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවයට හිමිකම් කියූ අතර, කාන්තා තරඟයේදී කොළඹ ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම විසින් ලකුණු 41-25 ක් ලෙස දියතලාව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවයට හිමිකම් කියන ලදී.

පලාලි ගුවන් හමුදා කඳවුරේ කෝප‍්‍රල් රුවන්තිස්ස ඒ එම් ඩී සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා පෙරේරා එම් එම් සී පිළිවෙලින් පිරිමි සහ කාන්තා දක්‍ෂතම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞී ජේ සී වීරකෝන් මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ශ‍්‍රි ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් අමරකෝන් ඇතුළු ගුවන් හමුදා නිළධාරීහු සහ සෙසු නිළයන් රැුසක් තරඟය නැරඹීමට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.