ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ප‍්‍රජා සත්කාරයක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්ලේරියාව ප‍්‍රදේශයේ පිහිටි මානසික රෝහලේ වාට්ටු අංක 03 හි අලූත් වැඩියාව සහ එහි සිටින රෝගීන් හට පරිත්‍යාගයන් රැුසක් ලබා දීමේ උත්සවයක් පසුගිය ඔක්තෝම්බර් මස 09 වන දින මානසික රෝහල් පරිශ‍්‍රයේදී පැවැත්විණි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 1986 වර්ශයේ සිට පවත්වාගෙන එනු ලබන මෙම අංක 03 කාන්තා මානසික වාට්ටුවේ අළුත් වැඩියාව සහ එහි සිටින රෝගීන් හට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් ලබා දීම විශේෂ ආහාර ලබා දීමක්ද මෙහිදී සිදු විය. මෙහිදී ගුවන් හමුදාව විසින් ලබාදුන් ආධාර ලබා ගැනීම රෝහල් වාට්ටුවේ ප‍්‍රධාන හෙද පාලිකාව හෝමා බාලසූරිය මහත්මිය ඇතුළු රෝහල් වාට්ටු කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා සහභාගී විය. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවෝ , ගුවන් හමුදා සුභ සාධක අංශයේ කාර්ය මණ්ඩලය, රෝහල් වාට්ටු කාර්ය මණ්ඩලය හා රෝගීන් ඇතුළු රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



























