ගුවන් හමුදාපතිතුමන් දියතලාව කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා දියතලාව ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය ඔක්තෝම්බර් මස 12 වන දින සිදු කරන ලදී.කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ඩබ් ඩබ් පී ඩී ප්‍රනාන්දු ගුවන් හමුදාපතිතුමන් කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදි.

වාර්ෂික පරීක්ෂනය අතරතුරදී හමුදාපතිතුමා විසින් කදවුරේ අලුතින් ඉදිකරන ලද ස්ටැබල් හිල් කබානා සහ වෙඩි පිටිය නිරීක්ෂණය කරන ලදී.

එසේම කඳවුරේ සහ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීයාකාරි සේවයක් කල බලපන්ති සැරයන් ජයවීර කේ එල් එන් ආර් (මෙහෙයුම් භූමී, සැරයන් පතිරන ආර් පි පි ආර් (භෝජනාගාර සහයක ), කෝප්‍රල් ශාන්ත එම් පී එස් ඒ (මෙහෙයුම් භූමි ) සහ හේමන්ත කුමාර මහතා වෙනුවෙන් ගුවන් හමුදාධිපති සම්මාන ලබා දෙන ලදී. පසුව සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් පැවැත්වීමෙන් අනතුරුව සියළුම නිලයන් හා එක්ව දිවා ආහාරය ලබා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.