ජලයෙන් සිදුවන ආපදා තත්වයන්ට මුහුණ දීමට ගුවන් හමුදාව පුහුණු වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා භාවිත කරමින් ජලයෙන් සිදුවන හදිසි ආපදා තත්වයකදී සිවිල් ජනතාව ගුවන් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකාරය ප්‍රායෝගිකව විදහා දක්වන පෙරහුරු අභ්‍යාසයක් පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේ 2013 ඔක්තෝම්බර් මස 15 වන දින උදැසන 8.00 පමණ සිදු කෙරිණි.

ගුවන් යානා හා කඹ ආධාරයෙන් මුහුදේදී සිදුවන හදිසි ආපදා තත්වයකදී බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමේ මුලික පුහුණු පාඨමාලාව හා සිහි කැඳවීමේ පාඨමාලාවන්හි විසිර යාමේ උත්සවය වෙනුවෙන් මෙම ක්‍රියාකාරකම් සිදු කෙරිණි.

2013 සැප්තැම්බර් මස 30 වන දින මෙම පුහුණු පාඨමාලාව ආරම්භ කල අතර වැඩකරන දින 10 තුලදී පුහුණු පාඨමාලාව පවත්වන ලදී. පාඨමාලාවේ ප්‍රාථමික පුහුණු කිරීම් කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවැත්වුණු අතර භූමි මෙහෙයුම්, උස් ස්ථානවල සිට කඹ ආධාරයෙන් පැනීම හා හදිසි අවස්ථාවකදී උස් ගොඩනැගිලිවල සිටින මිනිසුන් කඹ ආධාරයෙන් මුදවා ගැනීම සිදු කෙරිණි. අවසන් පුහුණු වීම් ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යොදා ගනිමින් මුදවා ගැනීමේ අභ්‍යාසයන්හි නිරත විය.

මෙම මෙහෙයුම සඳහා පසුගිය කාල වකවානුවේ ගංවතුර උවදුරු හා ධීවරයින් මහ මුහුද මැද කුණාටුවකට හසුවී ජීවිත බේරාගැනීම් රැසකට දායකත්වය සැපයූ ගුවන් හමුදා අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ සහයද හිමි විය.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.