ගුවන් හමුදාව ලක්ෂ්මන් මහතාට නිවසක් පරිත්‍යාග කරයි


ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ මගපෙන්වීම මත ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක කාර්යාලය සහ සේවා වනිතා ඒකකය එක්ව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ සේවයේ නිරත ආර් පී ජී ලක්ෂ්මන් සිවිල් සේවක මහතා වෙත නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදී. 2013 ඔක්තෝම්බර් මස 29 වන දිනට යෙදුනු සුභ මොහොතින් එතුමා වෙත මෙම නිවස භාරදීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපති නිලීකා අබේවික්‍රම මැතිනිය අතින් සිදුවිය.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ කාර්යාලයේ මගපෙන්වීම මත මෙම නිවසේ ඉදිකිරීම් සිදුකල අතර ගුවන් හමුදා රණවිරු සුභ සාධක අරමුදලින් සහ ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස සාදා නිම කරන ලදී.

මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා, සීගිරිය කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සීපී ගුණතිලක, සුභ සාධක අධ්‍යක්ෂක කාර්යාලයේ සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහභාගීවිය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.