චෙක් ජනරජයේ විදේශ ඇමති ගුවන් හමුදාධිපති හමුවෙයි

ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වූ චෙක් රාජ්‍ය විදේශ ඇමති ජාන් කොවුට් ඇතුළු නියෝජිත පිරිස පසුගියදා (නොවැම්බර් 06) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගුවන් හමුදා මුලස්ථානයේදී හමුවිය.

එහිදී චෙක් රාජ්‍ය විසින් එරටට ආවේනික වු පළිගු විශේෂයකින් නිර්මාණය කරන ලද උකුස්සන් දෙදෙනෙකු ගුවන් හමුදාධිපති හට පරිත්‍යාග කරන ලදී.
 
මෙම හමුවෙදී පසුගිය වර්ෂයේ ඔක්තෝමිබර් මස 11 වන දින ශ‍්‍රි ලංකා රජය විසින් චෙක් රජ්‍යයට අලි පැටවුන් දෙදෙනෙකු පරිත්‍යාග කිරීම පිළිබඳ ස්තුතිය පල කර තිබේ.
 
මෙම අවස්ථාව සඳහා චෙක් රජ්‍යයේ සංස්කෘතික කටයුතු අමාත්‍ය ජිරි බාල්වින්, පාරිසරික අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති තෝමස් ටෙසර්, චෙක් රාජ්‍යයේ තානාධිපති මිරෝස්ලේ ස්ටීක්, චෙක් ජනරජයේ නිලධාරින් හා ඉහල තලයේ ව්‍යාපාරිකයින් කණ්ඩායමකින් සමන්විත දුත පිරිසක් සහභාගි විය.

See details here

See video here



Friendly Exchange of Animals - 11 October 2012




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.