“අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 14 වන අදියර

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සේනා විධායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් “අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 14 වන අදියරය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ  නිවාස 112 ක යතුරු ප්‍රධානය කිරීමේ උත්සවය 2013 නොවැම්බර් මස 18 වන දින  හෝමාගම පිටිපන මහා විද්‍යාලයේදී පැවැත්විණ.

මෙම නිවාස ව්‍යාපෘතිය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මැතිණියගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබේ.

පසුව අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් විසින් නිවාස 112ක යතුරු රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් සඳහා ප්‍රධානය කළ අතර යුධ හමුදාව සඳහා  නිවාස 69ක් නාවික හමුදාව සදහා නිවාස 26ක් හා ගුවන් හමුදාව සඳහා නිවාස 17ක් වශයෙන් ලබා දෙන ලදී. මෙයට සමගාමීව තෑගි මළු , ක්‍රීඩා උපකරණ හෝමාගම පිටිපන මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් සඳහා ජනාධිපති තුමන් විසින් ලබා දෙන ලදී.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගරු අයෝමා රාජපක්ෂ මැතිණිය, ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික නිළධාරී ජෙනරල් ජගත් ජයසූරිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ත්‍රිවිධ හමුදා අධ්‍යක්ෂක වරුන්  උසස් නිලධාරීන් රැසක් සහභාගී විය.
“අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 14 වන අදියර


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.