ඉතිහාසයේ ප්‍රථම වරට පැවති ස්පීඩ් බෝට්ටු තරගාවළියට ගුවන් හමුදා නියොජනයක්

ස්පීඩ් බෝට්ටු ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් පැවති ප්‍රථම තරගාවළියේ ජයග්‍රහණ ලබා ගැනීමට ගුවන් හමුදාවට හැකිවිය. පසුගිය නොවැම්බර් මස 24 දින බේරේ වැවේ පැවති මෙම තරගාවළිය සඳහා ගුවන් හමුදාව නියොජනය කරමින් ස්කොඩ්‍රන් ලීඩර් ඒ ඒ ජී එස් අලහකෝන් සහ ෆ්ලයින් ඔෆිසර් ආර් ජේ එම් ගුණතිලක සහභාගී විය.

ඉතාමත් කෙටි කාලයක් තුල බ්‍රිතාන්‍ය පවර් බෝට්ටු පිළිබඳ ප්‍රවීණයන්ගේ පුහුණුවෙන් පසු ෆෝමියුලා 2 කාණ්ඩය යටතේ මෙම  තරගාවළියේ මොවුන් තරග වැදුනහ. එහිදී වේගවත්ම කාලයක් නියෝජනය කරමින් ෆ්ලයින් ඔෆිසර් ආර් ජේ එම් ගුණතිලක තරගය ජය ගැනීමට සමත් විය. මෙම තරගාවලිය ශ්‍රී ලංකා පවර් බෝට්ටු සංගමය විසින් සංවිධානය කර තිබූ අතර විශාල පිරිසක් තරගාවලිය නැරබීම සඳහා පැමිණ සිටියහ.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.