සීතල නුවර එළියේ ගුවන් හමුදා නිවාඩු නිකේතනය "හෙරෝන්ස් කොටේජ්"

ගුවන් හමුදා සාමාජිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් ප්‍රමුඛව කටයුතු කරන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිදුන්ගේ මගපෙන්වීමෙන් සීතල නුවර එළියේ දර්ශණීය බිම් තීරයක ඉදිකල "හෙරෝන්ස් කොටේජ්" නිවාඩු නිකේතනය එතුමා අතින් පසුගිය නොවැම්බර් මස 29 දින විවෘත විය.

පවුල් තුනකට එකවර නිවාඩු නිකේතනයේ පහසුකම් ලබා ගත හැකි අතර නවීන පහසුකම් සහිත මුලුතැන්ගෙයක් , යාව ඉදිකල නාන කාමර ඇතුළු නොයෙකුත් පහසුකම් මෙම නිවාඩු නිකේතනය සතුව පවතී.

මෙහි ඉදිකීරීම් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලයේ අධීක්ෂණය යටතේ පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරෙන් මුලික පහසුකම් ලබමින් එම කඳවුරේ වැඩ සේවා අංශයේ ගුවන් භටයින් 15 දෙනෙක් විසින් මෙම ඉදිකිරීම සිදුකලහ. එසේම මෙම ව්‍යාපෘති භාර ඉංජිනේරු ලෙස බී ඩබ් යු ප්‍රභාත් කටයුතු කරන ලදී.

මෙම විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් සැපයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේවීබී ජයම්පති, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් විජේසිංහ ඇතුළු ගුවන් හමුදාවේ උසස් නිළධාරීන් රැසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.