වසරේ නැගී එන ටයිකොන්ඩෝ කණ්ඩායම ලෙසින් ගුවන් හමුදා කණ්ඩායම සම්මාන දිනයි

ජාතික ටයිකොන්ඩෝ ශුරතාවය පසුගියදා නිමාවට පත්වුයේ ගුවන් හමුදාවට ජයග්‍රහණ රැසක් අත් කර දෙමිනි. පසුගිය නොවැම්බර් මස 30 වන දින කොළඹ ශාන්ත ජෝෂප් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලියේදී වසරේ නැගී එන ටයිකොන්ඩෝ කණ්ඩායම ලෙසින් ගුවන් හමුදා කණ්ඩායම සම්මාන දිනාගැනීමට සමත් වුයේ රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 02, සහ ලෝකඩ පදක්කම් 06 තම කණ්ඩායම සතු කරගනිමිනි. මෙහිදී ගුවන් කාන්තා සිංහාරගේ හොඳම ටයිකොන්ඩෝ ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගන්නා ලදී.

මෙම තරගාවළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස  රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා සහභාගී විය.ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එච් එම් එස් කේ කොටකදෙනිය ද මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගී විය. 


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.