ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවය

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවය පසුගිය දෙසැම්බර් මස 13 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උත්සව ශාලාවේදී පැවැත්විණි. මෙහිදී නිළධාරීන් 102 ක් උපාධි ලබා ගත් අතර ඉන් 58 ක් යුධ හමුදා නිළධාරීන්ද 14 නාවික හමුදා නිළධාරීන්ද 17 ක් ගුවන් හමුදා නිළධාරින්ද 13 දෙනෙකු විදේස් හමුදා නිළධාරීන්ද වේ. එම නිළධාරීන් ඉන්දියා, පකිස්ථාන්, මාලදිවයින්, නේපාල්, බන්ගලාදේශ්, රුවන්ඩා, සූඩාන්, සෙනගාල්, මලයාසියා සහ ඉන්දුනීසියා යන රටවලට අයත් වේ.

බංගලාදේශ ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් මුනීම් ඛාන් ,ඨදකාැබ ධඅක ්අ්රා, සම්මානය පිරිනමනු ලබන දක්‍ෂතම විදෙස් ශිෂ්‍යයාට හිමිකම් කියන ලදී. එහිදී එම සම්මානය පිරිනමුනු ලබන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරියාට හිමි සම්මානය ස්කොඞ්රන් ලීඩර් ජී ජී එස් ආර් ගුණවර්ධන හිමිකම් කියන ලදී.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පී බී ජයසුන්දර ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය. යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල්  හර්ෂ අබේවික‍්‍රම ඇතුළු ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් නිළධාරිනියන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.