දියතලාව සටන් පුහුණු පාසලේ පුහුණුව ලැබූ අධුනිකයින් විසිර යයි

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ පුහුණුව ලැබූ අංක 09 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව, අංක 56 කැඩෙට් නිළධාරී පාඨමාලාව, අංක 08 කාන්තා කැඩෙට් නිළධාරී පාඨමාලාව, අංක 156 නිත්‍ය ගුවන් භට පාඨමාලාව සහ අංක 26 නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාවන්හි විසිර යාමේ පෙළපාලිය පසුගිය දෙසැම්බර් මස 20 වන දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ සරඹ පිටියේදී පැවැත්විණි.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විසිර යාමේ පෙළපාලියට සහභාගී වූ අතර ගුවන් හමුදා පුහුණු අධ්‍යෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්, දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ් ඩබ් පී ඞී ප‍්‍රනාන්දු, ගුවන් හමුදා ඉහල නිළධාරීන්, ආරාධිත අමුත්තන් සහ පුහුණුවන්නන්ගේ දෙමාපියන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.