චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්හි සෙරීන් විලා නිවාඩු නිකේතනය විවෘත වෙයි


චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හි අභිනවයෙන් ඉදිකරන ලද ”බේ වීව් රිසෝට්” හි අලූතින් ඉදිකරන ලද ”සෙරීන් විලා” නිවාඩු නිකේතනය පසුගිය දෙසැම්බර් මස 21 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම අතින් විවෘත කෙරිණි.

මෙම නිකේතනය මනරම් චීනවරාය කලපුවට මුහුණලා පිහිටා ඇති අතර අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විතව වායු සමනය කරන ලද කාමර දෙකකින් සමන්විත වෙයි. මෙම ව්‍යාපෘතිය සැකසුම හා ඉදිකිරීම සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් සිදු කරන ලදී.

මෙම නිවාඩු නිකේතනය [email protected]  මගින් වෙන්කරවා ගත හැක. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච් එම් එස් කේ බී කොටකදෙණිය, ව්‍යාපෘති ගෘහ නිර්මාණ ශිල්පී ෆ්ලයිට් ලෙෆ්ටිනන් එච් ඒ එම් ජේ හපුආරච්චි, ගුවන් හමුදා ඉහල නිළධාරීන්  සහ ගුවන් හමුදා චීනවරාය විධ්‍යාපීට කඳවුරේ සෙසු නිළයන් රැුසක් මේ අවස්ථාවට සහභාගී වූහ.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.