ගුවන් හමුදා අන්තර් ඒකක පළමු ගෝලෆ් ශූරතාවය 2013

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක‍්‍රිඩා තරඟාවළියේ නවතම අංගයක් ලෙස පළමු වරට පවත්වන ලද ගෝල්ෆ් තරඟාවළිය පසුගිය දෙසැම්බර් මස 21 වන දින චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් හිදී නිමාවට පත්විය. එහිදී චීන වරාය ගුවන් හමුදා විධ්‍යා පීඨ කඳවුර ශූරතාවයට හිමි කර ගන්නා ලදී.

මෙම තරඟාවළිය එක් වටයක තරඟයක් ලෙසින් පැවැත්වුණු අතර ක‍්‍රීඩකයින් 42 කු සහභාගී වූහ. නායක ගුවන් භට බන්ඩාර, නායක ගුවන් භට ඉඳුනිල් සහ නායක ගුවන් භට විජේනායක ගේ කැපී පෙනෙන දක්‍ෂතා හේතුවෙන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 102 ක් ලබා පළමු ස්ථානය ලබා ගන්නා ලදි. ප‍්‍රසාද ලකුණු 91 ක් ලබා ගත් අනුරාධපුර ගුවන් හමුදා කණ්ඩායම දෙවන ස්ථානයත් ලකුණු 87 ක් ලබා ගත් රත්මලාන කඳවුරු කණ්ඩායම එහි තුන්වන ස්ථානයත් ලබා ගන්නා ලදී.

මෙම තරඟාවළියේ කුසලාන ප‍්‍රදානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික5ම විසින් ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හිදී සිදු කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයා්ර වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක, ගුවන් හමුදා ගෝල්ෆ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල්  කේ වී බී ජයම්පති, ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් මාර්ෂල් පී ඞී ජේ කුමාරසිරි, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ, ගුවන් හමුදා චීනවරාය විද්‍යා පීඨ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කොටකදෙණිය, ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච් එස් එස් තුයියකොන්තා ගුවන් හමුදා ගොල්ෆ් සංචිතයේ ලේකම් ගෲප් කැප්ටන් පී රණසිංහ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.