ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2013 ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාවය දිනයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම 2013 ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරඟාවළියේ ශූරතාවය දිනාගැනීමට පසුගියදා සමත් විය. මෙම තරඟාවළියේ අවසන් මහා තරඟය පසුගිය දෙසැම්බර් මස 22 දින කළුතර වර්නන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩාංගනයේදී පැවැත්විය.

එහිදී ගුවන් හමුදා කණ්ඩායම අවසන් මහා තරගයේදී 1-0 ක් ලෙස රිනවුන් පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගන්නා ලදී. එහිදී ගුවන් හමුදා ක‍්‍රිඩක නායක ගුවන් භට කේ සී කේ ලංකේෂ්වර තරඟයේ වාර්තා වුණු එකම ගෝලය වාර්තා කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් ප‍්‍රනාන්දු මහතා, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල, ගුවන් හමුදා පාපන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ඒ ඩබ් ඊ විජේසූරිය, ගුවන් හමුදා පාපන්දු සංචිතයේ ලේකම් ගෲප් කැප්ටන් කොටගේ සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පී එස් එන් ප‍්‍රනාන්දු මෙම අවස්ථාවට එක් වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.