ගුවන් හමුදා සාමාජිකයින් වනයේ නොනැසී ජීවත්වීමේ පුහුණුවක

වනයේ නොනැසී ජීවත්වීමේ පුහුණුව හදරනු ලැබූ ගුවන් හමුදා තුන්වන කණ්ඩායම එම පුහුණුව සාර්ථකව පසුගිය දා නිමාවට පත්කරන ලදී. ඒ සඳහා ගුවන් යානා නියමුවන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ 22 කුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූහ.

ගුවන් හමුදා අම්පාර කඳවුර මූලික කරගෙන පවත්වනු ලබන මෙම පුහුණුව අවසන් කිරීමේ උත්සවය පසුගිය දෙසැම්බර් මස 18 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදචා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඩි එම් එස් කරුනාරත්න සහභාගි වූ අතර පුහුණුව සාර්ථකව නිමකරන ලද පුහුණුවන්නන් හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.