14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි

අංක 14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාවට අයත් අවිකරුවන් 128 දෙනෙකු පලාලි ගුවන් හමුදා කදවුරේදී අද (09) දින සාර්තක පුහුණුවකින් අනතුරුව විසිර ගියහ.

මෙම පාඨමාලාව සති 14ක සලසුම් ගත කාලයක් තුල ගොඩබිම් සටන් පුහුණුවත්, සාමාන්‍ය සේවා විෂයන් පිළිබදව අවබෝදය ලබාදීම මෙන්ම මෙම පාඨමාලාවේ අභිප්‍රායන් ලගා කර ගැනීම සදාඅ සරඹ, අවි පුහුණුව, ක්ෂේත්‍ර ශිල්පය, යුද උපක්‍රම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය ගුවන් හමුදා පරිපාලනය සහ සංවිදානය පිළිබදව මනා පුහුණුවක්ද පුපුරන ඩ්‍රව්ය ගිනි නිවාරනය මානව හිමිකම් සුරැකීම සහ ප්‍රථමාධාර පිළිබදව අවශ්‍ය දැනුම මෙන්ම පරිගණක දැනුමද ඔවුන්ට ලබා දී ඇත.

විසිර යමේ පෙළපාලියේ ප්‍රධාන  ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළදාරි ගෲප් කපිතාන් නිශාන් අබේසිංහ. 21305 කොප්‍රල් ධර්මරත්න පීවීආරෙස් සරබ අතින් දක්ෂතම ගුවන් භටයා ලෙසත්, 21672 කෝප්‍රල් හේරත් එචෙම්බ් දක්ෂතම වෙඩිකරු ලෙසත්, 21229 කෝප්‍රල් චන්දන අයිටීපීජේ හොදම ශිෂ්‍යයා ලෙසත්, 20760 කෝප්‍රල් විජේරත්න එම්ඩීආර්කේ හොදම ජාතික ශාරිරික යෝග්‍ය තාවය සහ සැම අතින්ම දක්ෂතම සෙබලාට හිමි සම්මාන ලබා ගත්තේය.


14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි14 වන අවිකරු උසස් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.