2014 වර්ෂයේ වැඩ අරඹමින්

2014 වර්ෂයේ වැඩ ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථනයේ වැඩ පෙළපාලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රමගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. 2014 ජනවාරි 01 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතීම ගුවන් හමුදාපති තුමන් විසින් සිදු කරන ලදී.

මෙහිදී ගුවන් හමුදාපතිතුමන් මේ වන තෙක් ගුවන් හමුදා කාර්යයනට සහය දුන් සියළුම පුද්ගලයින් හට ස්තුති කරනු ලැබූ අතර මින් ඉදිරියට දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගුවන් හමුදාව වෙතින් ඉටුවිය යුතු සේවය නොපිරිහෙලා ඉටුකිරීමට සියල්ලෝම අදිටන් කරයුතු බව පැවසීය. ඉන් අනතුරුව සර්ව ආගමික වතාවත් ඉටුකිරීමද ගුවන් හමුදාපිති තුමාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.