ගුවන්හමුදාධිපති අභියෝගතා ගෝලෆ් තරගාවළිය -2014

ගුවන්හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරඟාවලිය ශි‍්‍ර ලංකා ගුවන්හමුදා චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්හිදී 2014 ජනවාරි මස 25 වන දින ඉතා සාර්ථකව අවසන් විය.

දිවයිනේ සිවිදෙසින් පැමිණි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 83 දෙනෙකු සහභාගී වූ අතර මෙම ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්හි පිහිටිම මෙම කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් හට අභියෝගාත්මක මෙන්ම ආශ්වාදජනක තරඟාවළියකට පසුබිමක් විය. ගුවන් හමුදාධිපති අභියෝගතා තරඟාවළියේ පිරිමි ශුරතාවය නායක ගුවන්භට සචිත් මධුශංක හිමිකරගත් අතර කාන්තා ශුරතාවය ශිරානී බුෆින් මහත්මිය විසින් හිමිකර ගන්නා ලදී.

2014 වර්ෂයේ පැවැති ගුවන්හමුදාධිපති අභියෝගතා කුසලාන තරඟාවළියේ ජයග‍්‍රාහකයන් සඳහා කුසලාන ප‍්‍රදානය කිරිම  ගුවන්හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අෙබිවික‍්‍රමගේ ප‍්‍රධානත්වයෙන්  ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්හි ”බේ වීව්”  හි දී පැවැත්විණි.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ,  ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු අණදෙණ නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ, සහ ගුවන් හමුදාෙවි හිටපු දන්ත වෙවද්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඒ එම් බී අමුණුගම ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට  සහභාගි වූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.