ශ‍්‍රී ලංකාවේ පස්වන ගෝල්ෆ් කී‍්‍රඩාංගණය අනුරාධපුරයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් විසින් විවෘත කරයි

ශ‍්‍රී ලංකාවේ වර්ථමාන සංචාරක ව්‍යාපාරයට නව අංගයක් එකතු කරමින් "ඊගල්ස් හෙරිෙටිජ් ගෝල්ෆ් කී‍්‍රඩාංගණය" ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම විසින් 2014 ජනවාරි මස 26 වන දින උදෑසන 10 පැයට විවෘත කරන ලදී. මෙය ශ‍්‍රී ලංකාවේ පස්වන ගෝල්ෆ් කී‍්‍රඩාංගණය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන ගෝල්ෆ්  කී‍්‍රඩාංගණය ලෙස ඉතිහාසයට එක්වේ.

මෙම කී‍්‍රඩාංගණය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සුන්දර පරිසරයක විදේශිකයින්ගේ ආකර්ෂනය ඇද ගැනීමට හැකිවන අයුරින් ඉතා අලංකාරව පිහිටා ඇති අතර එම ප‍්‍රදේශයේ පිහිටවූ පළමුවන ගෝල්ෆ් කී‍්‍රඩාංගණය මෙය වේ. ගෝල්ෆ් ක‍්‍රීඩාවට අවශ්‍ය සියළුම පහසුකම් සලසා ඇති අතර මෙහි නවාතැන් පහසුකම්, ආහාර පාන, නාන තටාක, ආදි සියළුම පහසුකම් ලබාගත හැකිවන අතර ඹ්නෑම පුද්ගලයෙකුට මෙම ක‍්‍රීඩාංගනයට පිවිසීමටත් ක‍්‍රීඩා කිරීමටත් හැකියාව ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක,  ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ, එයාර් කොමඩෝර් සුදර්ෂණ පතිරණ, එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය, ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරු අණදෙණ නිළධාරි ගෲප් කැප්ටන් සම්පත් තුයියකොන්තා, සහ වෙනත් විශේෂ ආරාධිතයින් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.