කටුකුරුන්ද සර්කිට් මීට්


කටුකුරුන්ද සර්කිට් මීට් 2014 මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථයේදි 2014 පෙබරවාරි මස 02 වන දින සාර්ථකව අවසන් විය. මේ සදහා දිවයිනේ ප්‍රභල මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් ඇතුලු තරගකරුවන් රැසක් සහභාගි විය.මෙම තරගාවලිය කාර්ල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය,ආසියානු  මෝටර් රථ ක්‍රීඩා සමාජය, සහ මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථය උපයෝගී කරගෙන පැවැත්වූ මෙම තරගාවලිය දක්ෂ හා පලපුරුදු ධාවකයින්ගේ මෙන්ම නැගී එන ධාවකයින්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කෙරුනු තරගාවලියක් විය. රැස්ව සිටි විශාල ප්‍රේක්ෂයින් අමන්දානන්දයට පත්කරමින් අති  ප්‍රවේගකාරී ධාවන ඉසවි රැසකින් දිනය වර්ණවත් විය.

ශ්‍රී ලංකා ප්‍රඡාතන්ත්‍රවාදි සමාඡවාදි ඡනරඡයේ අතිගරැ ඡනාධිපති මහින්ද රාඡපක්ෂ මැතිතුමා සහ ඡනාධිපති ආර්යා ශිරන්ති රාඡපක්ෂ මැතිනියද මෙම තරගාවලිය නැරඹීම සදහා පැමිණි සිටි අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ මෙහෙයුමි අධ්‍යක්ෂක එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල, ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ඡෙ.එස්.අයි. විඡෙමාන්න, කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරෙ අණදෙන නිලධාරි විං කමාන්ඩර් පි.එස්.එන්. ප්‍රනාන්දු, ගුවන් හමුදා නිලධාරින්, නිලධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්නාවන් ඇතුලු විශාල පිරිසක් මෙම තරගය නැරඹීම සදහා පැමිණ සිටියහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.