ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති ධූරය වෙනස් වෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වෙනි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගුවන් හමුදාධිපති ධුරය භාරදීම පසුගිය පෙබරවාරි 27 වන දින සිදු කරන ලදී. ඒ වෙනුවෙන් ගුවන් හමුදාධිපති තුමන්ට හා එම මැතිණියට ගුවන් හමුදා චාරිත‍්‍රානුකූලව සුහද සාදයක් 27 වන දින රාත‍්‍රියේ කටුනායක මූලක කඳවුරේදී පවත්වන ලදී.

මෙහිදී සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති, නව ගුවන් හමුදාධිපති, ගුවන් හමුදා අධ්‍යක්‍සක මණ්ඩලය හා ගුවන් හමුදාවේ උසස් නිළයන් සියල්ලක්ම පාහේ මෙම අවස්ථාවට සහභාගී වූ අතර, විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම විසින් සාදයට සහභාගී වූ නිළධාරීන් ඇමතීමෙන් අනතුරුව නව ගුවන් හමුදාධිපතිතුමන් විසින් සමරු ත්‍යාගයන් ප‍්‍රදානයක් සිදු කරන ලදී. ඉන් අනතුරුව නව ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා ධජය විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් ට භාරදෙන ලද අතර ඉන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් එෆ් 7 ගුවන් යානයක නැග නිල රථය තෙක් ගමන් ගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම විශ‍්‍රාම යාමෙන් අනතුරුව එයාර් චීෆ් මාර්ෂල් තනතුරට උසස් වීමට නියමිතයි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.