හයිටි දේශයේ ශ‍්‍රී ලංකා සමා සාධක හමුදාවේ ගුවන් හමුදා සාමාජිකයින් ගුවන් හමුදා දිනය අර්ථවත්ව සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 63 වන සංවත්සරයට සමගාමීව හයිටි සාම සාධක හමුදාවේ 18 වන ශ‍්‍රී ලංකා බලඇණියේ රාජකාරියේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින් විසින් සමාජ සේවා හා සත්කාරක වැඩසටහනක් මාර්තු මස 03 වන දින පවත්වන ලදි. 2010 වසරේ භූමිකම්පාව හේතුවෙන් දෙමාපියන් අහිමිවූ ¥ දරුවෙන් වෙනුවෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලද අතර ආහාර, වෛද්‍ය උපකරණ, සනීපාරක්‍ෂක  උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා දෙන ලදී. එසේම ළමා නිවාසය පිරිසිදු කිරීම හා ළමුන් පිරිසිදු කිරීමද මෙහිදි සිදු කරන ලදී.

ගුවන් හමුදා බලඝණයේ නිළධාරී අණදෙන විංග් කමාන්ඩර් ජගත් ගොඩකන්ද හා විංග් කමාන්ඩර් චමින්ද හේරත් විසින් මෙම වැඩසටහන් මෙහෙයවනු ලදි. මෙහිදී අළුතින් ඉදිකරන ලද මුළුතැන් ගෙය විවෘත කිරීම හයිටි රාජ්‍යයේ ශ‍්‍රී ලංකා සාම සාධක හමුදාවේ අණදෙන නිළධාරී කර්නල් නන්දන දුනුවිල විසින් සිදු කරන ලද අතර එය ළමා නිවාසයට භාරදෙන ලදි. එසේම ශ‍්‍රී ලංකා යුධ හමුදා, නාවික හා ගුවන් හමුදාවේ සාමාජිකයින් ලේ දන් දීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.