කටුනායක ගුවන් හමුදා කඳවුරේ විද්‍යත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගය 56 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ විද්‍යත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගය 56 වන සංවත්සරය සමරමින් සර්ව ආගමික වැටසටනක් ක‍්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට කටුනායක ගුවන් හමුදා කඳවුරේ විද්‍යත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගයේ විශ‍්‍රාමික අණදෙන නිළධාරී ස්කොඞ්රන් ලීඩර් ඞීඑච් අබේසේකර, විශ‍්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ටීඒටීඑෆ්ඩබ් ගුණවර්ධන, විද්‍යත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ෂන පතිරණ, එයාර් කොමඩෝර් කේඑල්ඒ රණතුුංග, විශ‍්‍රාමික විංග් කමාන්ඩර් කේඑම්ජීබී ප‍්‍රියකාන්ත, ස්කොඞ්රන් ලීඩර් පීඑල්අයි ප‍්‍රනාන්දු, සියළුම පක්‍ෂාංග අණදෙන නිළධාරීන් සහ විද්‍යත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගයේ සියළුම පුද්ගලයින් සහභාගී වූහ.

සංවත්සරය සමරමින් රුක් රෝපණ වැඩසටහනක් විද්‍යත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංග භූමි පරිශ‍්‍රයේදී සිදුකරන ලදි.

1958 වසරේදී ආරම්භ කරන ලද මෙම පක්‍ෂාංගය පුරා වසර 56 ක් මුළුල්ලේ දේශය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකරන ලද පක්‍ෂාංගයකි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.