පළමු අන්තර් ඒකක කැරම් ශූරතාවළිය 2014

ශ‍්‍රී ලංකා ගුුවන් හමුදාව ප‍්‍රථම වතාවට පවත්වනු ලැබූ අන්තර් ඒකක කැරම් ශූරතාවලිය පසුගිය අප්‍රෙල් මස 4 සහ 5 යන දෙදින තුළ තුම්මුල්ල ගුවන් හමුදා ක‍්‍රීඩා ගාරයේදී පවත්වන ලදී. එහි සමස්ත ශූරතාවය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනාගන්නා ලදී. අනුශූරතාවය රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය විසින් දිනා ගන්නා ලදී.

බලලත් නිළධාරී එම්අයි හමීඞ් පිරිමි ශූරතාවයට හිමිකම් කියනු ලැබූ අතර ගුවන් කාන්තා ප‍්‍රියංගනී එම්ඩබ්එන් කාන්තා ශූරතාවයට හිමිකම් කයන ලදී.

2014 වසරේ ජාතික කැරමි ශූරයා වන චමිල් දර්ශන කුරේ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර ගුවන් හමුදා කැරම් සංචිතයේ සබාපති විංග් කමාන්ඩර් වීටීඑස් සිරිමාන්න ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පිරිමි ඒකල ශූරතාවය
ප‍්‍රථම ස්ථානය බලලත් නිළධාරී එම්අයි හමීඞ් - වෘත්තීය පුහුණු පාසල ඒකල
දෙවන ස්ථානය කෝප‍්‍රල් කරුණාවංස - 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය
තුන්වන ස්ථානය කෝප‍්‍රල් කුමාර කේපීඑස් - රත්මලාන ගුවන් හමුදා කඳවුර

කාන්තා ඒකල ශූරතාවය
ප‍්‍රථම ස්ථානය ගුවන් කාන්තා ප‍්‍රියංගනී එම්ඩබ්එන් - රත්මලාන තාක්‍ෂණික පක්‍ෂාංගය
දෙවන ස්ථානය නායක ගුවන් කාන්තා දිසානායක ඞීඑම්යූඑන් - වෘත්තීය පුහුණු පාසල ඒකල
තුන්වන ස්ථානය නායක ගුවන් කාන්තා කුලතුංග - කටුනායක ගුවන් හමුදා කඳවුර

පිරිමි ද්විත්ව ශූරතාවය
ප‍්‍රථම ස්ථානය - රත්මලාන තාක්‍ෂණික පක්‍ෂාංගය
නායක ගුවන් භට අබේවර්ධන ඒඑම්එස්එල්එබ්
නායක ගුවන් භට සංජීව කේඒජීපී

දෙවන ස්ථානය - රත්මලාන ගුවන් හමුදා කඳවුර
කෝප‍්‍රල් කුමාර කේපීඑස්
කේප‍්‍රල් කල්හාර ඊඑච්කේ

තුන්වන ස්ථානය - වව්නායාව ගුවන් හමුදා කඳවුර
සැරයන් චූලසිංහ එම්කේඒඩබ්
නායක ගුවන් භට චතුරංග පීඞී

කාන්තා ද්විත්ව ශූරතාවය
ප‍්‍රථම ස්ථානය - වෘත්තීය පුහුණු පාසල ඒකල
නායක ගුවන් කාන්තා කරුණානායක කේඑච්ආර්එම්ඒ
නායක ගුවන් කාන්තා දිසානායක ඞීඑම්යූඑන්

දෙවන ස්ථානය - සටන් පුහුණු පාසල දියතලාව
නායක ගුවන් කාන්තා පුමිකා ඒඞීඒ
නායක ගුවන් කාන්තා ශානිකා කුමාර එම්එබ්

තුන්වන ස්ථානය - රත්මලාන ගුවන් හමුදා කඳවුර
සැරයන් ගුණසිංහ ඒඑම්යූඩි
නායක ගුවන් කාන්තා නානායක්කාර කේජී

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.