ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බක්මහ උළෙල 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2014 බක්මහ උළෙල රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පසුගිය අපේ‍්‍රල් මස 10 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙවර අවුරුදු උත්සවය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මෙහෙයවීමෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුර විසින් සංවිධානය කරන ලදී.

මෙහිදී පංච කෙළිය, කණාමුට්ටිය බිඳීම, කොට්ටා පොර ආදී වු ජන ක‍්‍රීඩා රැුසක් පවත්වනු ලැබූ අතර ලිස්සන ගහ නැගීම, කඹ ඇදීම ආදී තවත් ක‍්‍රීඩා රැුසක්ද පවත්වන ලදී. එසේම අවුරුදු කුමාරිය සහ අවුරුදු කමාරයා තේරීමද සිදු කරන ලදී. ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මහත්මිය විසින් සිදු කරන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීන්, ගුවන් හමුදා සාමාජිකයින්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුනගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසක් අවුරුදු අසිරිය විඳගැනීමට එක් වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.