ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අවුරුදු පොල 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2014 අවුරුදු පොල කොළඹ ගුවන් හමුදා කඳවුරු ”රයිෆල් ග‍්‍රීන්” ක‍්‍රීඩාංගණයේදී අද (අපේ‍්‍රල් මස 10 වන* දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙවර අවුරුදු පොළ ගුවන් හමුදා සුභ සාධන අධ්‍යක්‍ෂක කාර්යාලය හා සේවා වනිතා  ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ අතර දිවයිනේ සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් වෙළඳ කුටි ඉදිරිපත් කොට තිබිණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වූ අතර පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අවුරුදු පොළ විවෘත කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ජීපී බුලත්සිංහල, සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන් මෙම අවස්ථාවට සහභාගී විය.

ඉතා පහසු මිල ගණන් යටතේ විවිධ වූ භාණ්ඩ මිලදී ගැනීමට මේ මගින් අවස්ථාව සලසා දෙනු ලැබිණි. අවුරුදු සමයේ අඩුම මිල ගණන් වලට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් සමගින් මේ අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.