අන්තර් සේවා දැල් පන්දු ශූරතාවය 2014

2014 අන්තර් සේවා දැල්පන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පසුගිය අපේ‍්‍රල් මස 11 වන දින සමත්කම් දක්වන ලදී. තරඟාවලිය ගම්පහ රත්නාවලී ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී. අවසන් තරඟයේදී යුධ හමුදා දැල් පන්දු කණ්ඩායම 47 ට 44 ලෙසින් පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායමට හැකි විය.

තරඟාවළියේ ”දැල්පන්දු රැුජිණ” ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා නිලූෂි විසින් කිරුළු පැළඳි අතර යුධ හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් ජයවීර සහ ගුවන් හමුදාවේ සැරයන් තුෂාන්ති පිළිවෙලින් දක්‍ෂතම පන්දු විදින්නිය සහ දක්‍ෂතම පිටියේ ක‍්‍රීඩිකාව ලෙස තේරී පත්විය.

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක රියර් අද්මිරාල් ඩබ්එස් ජයසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.