අළුත් අවුරුද්දට වීරවිල කඳවුරෙන් ළමුන්ට තෑගි

සිංහල හිංදු අළුත් අවුරුද්ද වෙනුවෙන් වීරවිල ගුවන් හමුදා කඳවුර මඟින් කතරගම දියවර ගම්මානයේ ”නැනසරණ” ළමා නිවාසයේ දරු දැරියන් සඳහා අළුත් ඇඳුම් සහ සපත්තතු අඩංගු තෑගි පාර්සල පිරිනැමීමක් පසුගියදා සිදු කරන ලදී. වීරවිල ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී මාලි වාසගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කරන ලදි.

එසේම වීරවිල ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් වෙනුවෙන් ද ත්‍යාග පාර්සල් පිරිනමන ලදි. වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එම්ඞීඅයි වාසගේ, වීරවිල ගුවන්ු හමුදා කඳවුරේ නිළධාරීන් සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.