ගුවන් යානා රෝද පද්ධතිය පිළිබඳව වැඩමුළුවක්

තරුණ ගගනයාත‍්‍රික සමාජයේ සමාජික සාමාජිකාවන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගුවන් යානා  රෝද පද්ධතිය පිළිබඳ එක්දින වැඩමුළුවක් පසුගියදා ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදි. මෙය තරුණ ගගනයාත‍්‍රික සමාජයේ පවත්වනු ලබන වැඩමුළු මාලාවේ දෙවැන්න වන අතර 2013 වසරේ දෙසැම්බර් මස මෙහි පළමු වැඩමුළුව පවත්වන ලදී.

මෙහිදී 561 දෙනෙකු ගුවන් යානා රෝද පද්ධතිය පිළිබඳව අවබෝධයක්ලබා ගත් අතර වීඩියෝ දර්ශන සහ ප‍්‍රායෝගික නිදර්ශන මගින් සිසුන් දැනුවත් කරන ලදී. වැඩමුළුව අවසානයේ සහතිකපත‍්‍ර ප‍්‍රදානයක්ද සිදු කරන ලදී.

අංක 04 බලඝණයේ අණදෙන නිළධාරී ගෲපු කැප්ටන් එල්එච් සුමනවීර, ගුවන් යානා ඉංජිනේරු සහායක පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ටීආර් දේවසිරි, 27 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්පීඑස් මාන්නප්පෙරුම ගුවන් හමුදා කෞතුකාගාරයේ කාර්යමණ්ඩය ඇතුළු රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.