අන්තර් සේවා අත්පන්දු තරඟාවළිය 2014

පළමු අන්තර් සේවා අත්පන්දු තරඟාවළිය 2014 අපේ‍්‍රල් මස 25 සහ 26 යන දෙදින තුළ නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී. තරඟාවළියේ ප‍්‍රථම තරඟය වූ ගුවන් හමුදාව සහ යුධ හමුදාව අතර තරඟය වසර හතරක් පමණ වූ කෙටි අත්පන්දු ඉතිහාසයක් ඇති ගුවන් හමුදා පිරිමි අත්පන්දු කණ්ඩායමට ඉතාමත් වැදගත් හා ෙඓතිහාසික තරඟයක් විය. මීට ප‍්‍රම යුධ හමුදා කණ්ඩායම කිසිදු තරඟයක් පරාජය නොවී සිටින අතර ඔවුහු දැනට ජාතික ශූරයන්ද වේ. එම තරඟය තියුණු මුහුණුවරක් ගත් අතර 28-27 ක් ලෙසින් ගුවන් හමුදා කණ්ඩායම ජයග‍්‍රශණය කරන ලදි.

තරඟාවළියේ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම යුධු හමුදා කාන්තා කණ්ඩායම සමඟ මුලික වටයේ තරඟ වැදුණු අතර 20-7 ක් ලෙසින් ගුවන් හමුදා කාන්තා කණ්ඩායම එම තරඟය ජයග‍්‍රහණය කරන ලදි.

ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම අවසන් මහා තරඟය සඳහා සුදුසු කම් ලැබූ අතර කාන්තා අවසන් මහා තරඟයේදී 15-7 ක් ලෙස යුධ හමුදා කණ්ඩායම පරාජය කරමින් ශූරතාවයට හිමිකම් කියුනු ලැබීය. පිරිමි අවසන් මහා තරඟයේදී ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම තරඟ වැදුණු අතර එහිදී 30-25 ක් ලෙස ගුවන් හමුදා පිරිමි අත්පන්දු කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදි. ශූරතා ප‍්‍රදානය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රියර් අද්මිරාල් එස් දිසානායක සහභාගී විය.




News Paper Articles

The Island News Paper

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.