ගුවන් හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරීන්ගේ සම්මන්ත‍්‍රනය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරනු ලබන මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරීන් සඳහා සම්මන්ත‍්‍රණයක් පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදි. මෙහිදී ගුවන් හමුදා මාධ්‍ය ඵ‍්‍රකාශක විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න විසින් සම්මන්ත‍්‍රණය මෙහෙය වූ අතර මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරීන්ගේ කාර්ය  භාරය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම මෙහිදී සිදු කරන ලදී. මෙහිදී ගවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් මේ වන විට සිදුකරගෙන යනු ලබන කාර්යයන් හා ඉදිරියට සිදු කිරීමට ඇති කාර්යයන් පිලිබඳවද මාධ්‍ය ප‍්‍රකාශක තුමන් අදහස් දක්වන ලදි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.