57 වෙනි කණිෂ්ඨ ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවළියේදී ගුවන් හමුදාවෙන් සුවිශේෂී දක්‍ෂතා

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 38 දෙනෙකුගෙන් යුක්ත වූ අවුරුදු 23 න් පහල මලල ක‍්‍රීඩා කණ්ඩායම 57 වෙනි ජාතික කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරඟාවළියේ සුවිශේෂී දක්‍ෂතා දක්වන්නට සමත් විය. දින තුනක් පුරාවට කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවති මෙම තරලඟාවළියේදී රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 5ක් ලබා ගැනීමට ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙහිදි නායක ගුවන් භට ජයසිරි හා නායක ගුවන් කාන්තා හෙන්ඩර්සන් පිළීවෙලින් අවුරුදු 23 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව වශයෙන් සුදුසුකම් ලැබීය.

මෙහිදී නායක ගුවන් භට සඳරුවන් එම්එච්අයි  රිටි පැනීම අංශයෙන්ද, නායක ගුවන් භට ආරියදාස ඒඑන්එල් මිටර 5000 සහ 10000 ඉසව් වලින්ද, නායක ගුවන් භට නවසිංහ එන්එම්සීසී මීටර 10000 ඉසව්වෙන්ද නව තරඟ වාර්තාවන් පිහිටුවන ලදි.





TV News Videos

Sirasa TV News Link - http://www.airforce.lk/video.php?video=208

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.