මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම
මත චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ සේවා වනිතා ඒකකය පසුගිය මැයි මස 7 වන
දින මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක් සිදු කරන ලදී.
මෙම
වාට්ටුව කාන්තා වාට්ටුවක් වන අතර එය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 1985
වසරේ සිට නඩත්තු කටයුතු සිදු කරනු ලබයි. මෙහිදි නේවාසිකව ප‍්‍රතිකාර ලබන
රෝගීන් වෙනුවෙන් තෑගි පාර්සල් සහ දිවා ආහාර වේලක් ලබා දීම සිදු කරනු ලැබූ
අතර විවිධ වූ විනෝදාත්මක අංගයන්ද ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී.
චීනවරාය
ගුවන් හමුදා විද්‍යාපීඨ සේවා වනිතා ඒකකයේ සභාපතිනී සංජීවනි කොටකදෙණිය
මහත්මිය, නිළධාරීන් 15ක් සහ ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් 30 දෙනෙකු මෙම
අවස්ථාවට සහභාගී වූහ.















