චීන ආරක්‍ෂක නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකාවේ සංචාරයක

ජෙනරාල් සුකී ලියෑන්ග් ගේ නායකත්වයෙන් යුත් චීනයේ ආරක්‍ෂක නියෝජිත පිරිසක් පසුගියදා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙම ධූත පිරිස කටුනායක බණ්ඩාරනායක

අන්තර්ජාතික ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති හා නාවික හමුදාධිපති විසිනි. ජෙනරාල් සුකී ලියෑන්ග්, චීන රජයේ

දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කමිටුවේ සාමාජික සහ ආරක්‍ෂක මධ්‍යම කමිටුවේ උප සභාපතිවරයා ද වෙයි.

මෙම ධූත පිරිස කාම්බෝජයේ හා බංගලාදේශයේ සංචාරයකින් අනතුරුව ශ‍්‍රී ලංකාවේ සංචාරය කරනු ලබයි. මොවුන්ගේ සංචාරය සඳහා සියළු පහසුකම් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව

විසින් සපයනු ලබන අතර සංචාරය අතරතුර ජනාධිපතිතුමන්, ආරක්‍ෂක හා නාගරික සංවර්ධ අමාත්‍යාංශ ලේකම්තුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, යුධ හමුදාධිපති, ගුවන්

හමුදාධිපති හා නාවික හමුදාධිපතිතුමන් හමුවීමට නියමිතය. එසේම ශ‍්‍රී දළදා මාළිගාව, චීන වරාය ගුවන් හමුදා වද්‍යාපීඨය, ශී‍්‍ර ලංකා නාවික සාගර විශ්ව විද්‍යාලය, කොලඹ වරාය

ඇතුළු ස්ථාන රැුසක සංචාරය කිරීමට නියමිතය.



Web news link this article

www.mawbima.lk
www.lankadeepa.lk

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.